brand logo

ආක්‍රමණශීලී ශාඛවලින් ප්‍රබල වල් නාශකයක් නිෂ්පාදනය කරන්න හදයි

18 June 2021

පරිසරයෙන් ඉවත් කිරීමට නියමිත ආක්‍රමණශීලි ශාඛ වර්ග කිහිපයක් යොදා ගනිමින් ප්‍රබල ස්වාභාවික වල් නාශකයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග රසායනික වල් නාශක ද තහනම් වීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇත. ගොවීන් අසීරුතාවට පත්වීම වැළැක්වීමේ අරමුණින් එලෙස ස්වාභාවික වල් නාශකයක් නිෂ්පාදනය කෙරෙන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. ආක්‍රමණික ශාඛ බහුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ සඳහා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡාවක් හෙට(19) අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
 

More News..