brand logo

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම 26 වැනිදා ඇරඹෙයි

11 December 2019

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම එළඹෙන 26වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පළමු අදියර ලබන 26 වනදා සිට ජනවාරි මස 04 වනදා දක්වා ක්‍රියාත්මක වේ. දෙවන අදියර ජනවාරි මස 18 වනදා ආරම්භ කර ජනවාරි 26 වනදා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය. මධ්‍යස්ථාන 82කදී ගුරුවරුන් 35,000ක සංඛ්‍යාවක් පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගිවීමට නියමිතයි.
 

More News..