brand logo

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

28 March 2019

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ මේ වනවිට ප්‍රතිඵල ලේඛන සකස් කර අවසන් බවයි. ඒ අනුව අද (28) දහවල්වීමට පෙර ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට නිකුත් කරනු ඇති. www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය. 2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 656,641 ක්.
 

More News..