brand logo

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

09 September 2019

2019 අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන්වීමට එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට සංචරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. තරගාවලියේ ඊයේ දිනයේ අවසන් වූ සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 185කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායමට හැකි විය. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 497ක් ලබා සිටියදී පන්දුවට පහරදීම සදහා එංගලන්ත පිලට ආරාධනා කර සිටියේය. ඒ අනුව එංගලන්ත පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 301ක් රැස්කර ගත්තේය. ඉන් අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 186ක් දැවී සිටියදී එංගලන්ත පිලට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේය. ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා එංගලන්ත පිලට ලකුණු 383ක අභියෝගයක් හිමිවිය. එංගලන්ත පිලේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 197ක් පමණීයි.
 

More News..