brand logo

අළු බදුන පස්වන තරගයේ ජය එංගලන්තයට

16 September 2019

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලකුණු 135කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පස්වන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 294ක් රැස්කර ගත් අතර පිළිතුරු පළමු ඉනිම සදහා ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිල සියලුදෙනා දැවී ලකුණු 225ක් රැස්කර ගත්තේය. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් එංගලන්ත පිලේ සියලුම පිතිකරුවන් දැවී ලකුණු 329ක් රැස්කර ගැනීමට සමත් විය. ලකුණු 399ක අභියෝගයක් භාර ගනිමින් ඔ්වල් පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු පිලට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 263ක් පමණීයි. ඒ අනුව එංගලන්ත පිලට ලකුණු 135ක ජයක් හිමිවිය. මෙවර අළු බදුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2ට 2ක් ලෙස සම ලෙස නිමා වූ අතර, එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමාවට පත් විය.
 

More News..