brand logo

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

13 September 2019

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය වූ ඊයේ දිනයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 271ක් රැස්කර ගෙන සිටියේය. ඊයේ දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ජොශ් බට්ලර් ලකුණු 64ක් සහ ජැක් ලීච් ලකුණු 10ක් රැස්කර ගෙන සිටියේය. ඊට අමතරව නායක ජෝයි රූට් ලකුණු 57ක්, රෝයි බර්න්ස් ලකුණු 47ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී මිචෙල් මාර්ෂ් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව පැට් කමින්ස් සහ ජොශ් හර්සල්වූඩ් කඩුළු 2ක බැගින් දවාගත්තේය. අද (13) තරගයේ දෙවන දිනයයි.
 

More News..