brand logo

අළුබදුන පළමු ටෙස්ට් තරගයේ පළමු ජය ඕස්ට්‍රේලියාවට

06 August 2019

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමිවිය. ඒ ලකුණු 251කින් තරගය ජය ගැනීමත් සමගය. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස්කර ගත්තේය. පළමු ඉනිම වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 144ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ස්ට්‍රව්ට් බෝර්ඩ් කඩුළු 5ක් දවාගත්තේය. අනතුරුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් එංගලන්ත පිල සියලුදෙනා දැවී ලකුණු 374ක් රැස්කර ගැනීමට සමත් විය. රෝයි බර්න්ස් ලකුණු 133ක් රැස්කර ගත් අතර, ජෝයි රූට් ලකුණු 57ක් සහ බෙන් ස්ට්‍රොර්ක් ලකුණු 50ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුළු 3ක් දවාගත්තේය. අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු පිල දෙවන ඉනිම වෙනුවෙන් කඩුළු 7ක් දැවී ලකුණු 487ක් දවාගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 142ක් රැස්කර ගත් අතර මැත්ව් වේඩ් ලකුණු 110ක් රැස්කර ගත්තේය. අනතුරුව පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පැමිණි එංගලන්ත පිලේ සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් නේතන් ලියොන් කඩුළු 6ක් දවාගත් අතර, පැට් කමින්ස් කඩුළු 4ක් දවාගත්තේය. ඕස්ට්‍රේලියානු පිලේ ස්ටීවන් ස්මිත් මෙම තරගයේ වීරයා බවට පත්විය.
 

More News..