brand logo

අහස් දියෙන් "මහ කන්නය" ආරම්භ කරන්න ජනාධිපතිගෙන් උපදෙස්

20 September 2020

  ලබන ඔක්තෝබර් 01 දින සිට මහ කන්නය අහස් දියෙන් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වාරිමාර්ග හා මහවැලි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව උසස් නිලධාරියෙක් ‘අරුණ’ට පැවැසීය. දැනට මහවැලි හා මහා වාරිමාර්ග වැව්වල ඇති ජලයද උපයෝගී කරගෙන අහස් දියෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙසත් එහි දී නියමිත පරිදි වර්ෂාව නොලැබී වගා හානි සිදුවූවහොත් ඊට ගොවි රක්ෂණ මණ්ඩලය යටතේ වගා හානි ගෙවීමටත් තීරණය කර ඇත. එමගින් තද වර්ෂාවට පෙර ගොයම් වැපිරීමත්, යල කන්නයට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ආරක්ෂා කර ගනිමින් වගාවෙන් පසු වැව්වල යම් ජලමට්ටමක් ඉතිරි කර ගැනීමෙන් මිරිදිය මත්ස්‍ය සම්පත මෙන්ම ගම්මානවල තෙතමනය ආරක්ෂා කර ගැනීමට එමගින් හැකිවන බව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දී ඇත. සාමාන්‍යයෙන් මහා වාරිමාර්ග හා මහවැලි කලාපවල කන්න රැස්වීම ජලාශ ජලයෙන් පිරුණු පසුව පවත්වන අතර පසුව වගාවට ජලය නිකුත් නොකරයි. එමගින් වගාවන් මෙන්ම කන්නය ප්‍රමාදය නිසා අස්වැන්න ද බක්මහේ වර්ෂාවට හසුව විනාශ වේ. චමින්ද සේනාරත්න
 

More News..