brand logo

අසේල සම්පත් අත්අඩංගුවට

13 April 2021

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය, පැලන්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාරිභෝගික සේවා අධිකාරිය විසින් මීට වසර දෙකකට පමණ පෙර රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර පාස්කු ප්‍රහාරය සමඟ රටේ ඇති වූ තත්වය හේතුවෙන් මෙම නඩුව කල් දමා ඇත. මෙම නඩුවට පෙනී නොසිටීම නිසා අසේල සම්පත් විවෘත වරෙන්තු යටතේ සිට ඇති අතර වරෙන්තුව ක්‍රියාත්මක කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබේ
 

More News..