brand logo

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අසාද් සාලීව කැඳවයි

11 June 2019

පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලී මහතා අද(11) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතව ඇති අතර පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කාරක සභාව රැස්වීමට නියමිතව ඇත. අද දිනයේ කාරක සභාව හමුවේ සාක්ෂිදීමට පාර්ශව කිහිපයක් කැදවා ඇත. ඒ අනුව කාත්තණ්කුඩි මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපතිවරයා, සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ නියෝජිතයෙකු අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කැඳවා ඇත.
 

More News..