brand logo

අසාද් සාලි සාක්ෂි ලබාදීම අරඹයි

11 June 2019

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබදව සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂිදීම ලබාදීම සදහා පැමිණ තිබේ. මෙහිදී අදහස් දක්වමින් අසාද් සාලි මහතා කියා සිටියේ තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ 1994 සිට මුස්ලිම් ජනතාව විසින් රජය දැනුවත් කළ බවයි. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අසාද් සාලි මහතා වැඩිදුරටත් කියා සිටියේ 2010 වසරේදී මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් පිඩාවට පත්වූ බවයි. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අමතරව අද දිනයේ දී ප්‍රධාන සාක්ෂිකරුවන් තිදෙනෙක් සහභාගිවීමට නියමිතයි.
 

More News..