brand logo

අසර්බයිජානයේදී මියගිය සිසුවියන්ගේ දේහයන් නිවසට

16 January 2020

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහයන් මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වල තැනපත් කර තිබේ. සිසුවියන්ගේ දේහයන් ඊයේ(15) පෙරවරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය. නවාතැන් ගෙන සිටි නිවසේ ඇතිවූ ගින්නකදී විසඳුමක් ආග්‍රානය වීමෙන් මල්ෂා සංදීපනි, ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා සහ අමෝද්‍යා මදුහංසි යන ශ්‍රී ලංකේය සිසුවියන් අසර්බයිජාන්හි දි ජීවිතක්ෂයට පත්විය. මිය ගිය තිදෙනා අතර සිටන පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි සිටි එකම පවුලේ සහෝදරියන් වන මල්ෂා සංදීපනි (23) හා ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා (21) ගේ දේහයන් අද (16) අලුයම නිවසට රැගෙන ආවේය. ඔවුන්ගේ අවසන් කටයුතු හෙට(17) පස්වරුවේ තුම්බෝවිල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය වන කඩුවෙල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අමෝද්‍යා මදුහංසිගේ දේහය ඊයේ රාත්‍රියේ නිවසට රැඟෙන ආවේය. එම දේහය පිළිබඳ අවසන් කටයුතු එලැඹෙන සෙනසුරාදා කඩුවෙල බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
 

More News..