brand logo

අසත්‍ය ප්‍රචාර අන්තර්ජාලය ඔස්සේ පතුරවන්නන්ට දැඩි දඩුවම්

01 April 2020

අන්තර්ජාලය ඔස්සේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමට කැපවන රාජ්‍ය සේවකයන්ගේ රාජකාරිය බාධා සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. රාජ්‍ය සේවකයන්ගේ සුළු අඩුපාඩු මතුකරමින් ඔවුන්ට තර්ජනය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත විඩියෝ දර්ශන සහ වෙනත් පල කිරීම් ප්‍රසිද්ධ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
 

More News..