brand logo

අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න - උතුරු පළාත් ආණ්ඩුකාර

16 September 2019

උතුරු පළාතේ පාසල් වෙත සදුදා දින වන අද(16) දිනයේ පාසල් නොපැවෙත්වෙන බවට සිදුකරන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් උතුරු පළාතේ සියළු පාසල් අද (16) පැවැත්වෙන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව විසින් අද(16) පැවැත්වීමට නියමිත එළුග තමින් නොහොත් නැගිටිව් දෙමළුනි විරෝධතා වැඩසටහන හේතුවෙන් උතුරු පළාතේ හර්තාලයක් කැදවා ඇති බැවින් පාසල් වෙතද නිවාඩු ලබාදි ඇති බවට ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය කොට තිබිණ. අදාළ ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කරනු ලබන්නේ කිසිදු ආකාරයකින් උතුරු පළාතේ පාසල්වෙත නිවාඩු ලබා දි නොමැති අතර, උතුරු පළාතේ සියළු පාසල් අද(16) නිසි පරිදි පැවැත්වෙන බවයි. එළුග තමිල් විරෝධතා වැඩසටහන හේතුවෙන් උතුරු පළාතේ වෙළඳසැල් වසා දමා හර්තාලයක් පවත්වන ලෙසටද දෙමළ මහජන සභා‍ව සංවිධානයේ නියෝජිතයින් උතුරු පළාතේ වෙළඳ සංගම්වලින් ඉල්ලීම් කොට තිබිණ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..