brand logo

අසත්‍ය තොරතුරු දුන්නොත් අවුරුදු පහක් හිරේ

06 November 2020

නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කිරීමේ හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල කිසියම් පුද්ගලයෙක් අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ද යටත් වන බවත් මෙරට අපරාධ නීතිනේ 399වන වගන්තියේ සඳහන් වන පරිදි අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරදට ද ඔහු හෝ ඇය හසුවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. එවැනි අයට විරුද්ධව වසර 05 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමට හැකියාවක් ඇති බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි
 

More News..