brand logo

අවුරුදු 78,000කට පෙර ළමා මළසිරුරක් තැන්පත් කර තිබූ හැටි!

08 May 2021

දරුවකුගේ මරණය හේතුවෙන් මිනිස් සන්තානයේ ජනිත ශෝකය පිළිබිඹු කෙරෙන සොහොනක් අප්‍රිකාවෙන් සොයාගනු ලැබ ඇති බව BBC වාර්තා කර තිබේ. කෙන්යාවේ ගුහාවක තිබී සොයාගන්නා ලද එම සොහොන අවුරුදු 78,000ක් තරම් පැරණි බව එය සොයාගන්නා ලද පුරා විද්‍යාඥයන්ගේ කාල නිර්ණය වෙයි. අදාළ පර්යේෂණය සිදුකළ පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මධ්‍යම ශිලාතන යුගයට අයත් ගුහාවේ තැන්පත් කර තිබූ සිරුර වයස අවුරුදු තුනක් තරම් වයසැති ළදරුවකුගේය. කැඩී බිඳී විනාශ වී යාමේ අනතුරක් ඇති හෙයින් ඉතා ප්‍රවේශමෙන් සප්ර්ශ කළයුතුව ඇති එම පෞරාණික ළමා සිරුරේ ඇටසැකිල්ල අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් 'නේචර්' සඟරාවට සපයා ඇති ලිපියක් මගින් කියාසිටින්නේ ''දරුවාගේ හිස කොට්ටයක් මත තැන්පත් කරනු ලැබ තිබුණ ආකාරයක් දක්නට ලැබෙන'' බවය.

විද්‍යාඥයන් අදාළ දරුවාට නමක් ද තබා ඇත. ඔවුන් විසින් තබන ලද 'එම්ටෝටෝ' (Mtoto) ය. එම නම ස්වාහිලි(Swahili) භාෂාවෙන් ''පැටියා''(KId) යන තේරුම දෙයි.

ගුහාවක තිබූ සොහොන සොයාගන්නා ලද ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමේ කඩිනම් පියවර වූයේ, වෙන්ව තිබූ අස්ථි කොටස් ආරක්ෂා කර ගැනීමේ සංරක්‍ෂිත පියවරක් ගනිමින් එම සමස්ත සොහොන ප්ලාස්ටර් මගින් ප්‍රවේශමෙන් ආවරණය කිරීමය. සිරුරේ දත් පරීක්ෂාකරන විට එය වයස අවුරුදු දෙකත් - තුනත් අතර දරුවකුගේ බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත. ස්කෑන් පරීක්‍ෂණ මගින් පෙන්නුම් කෙරෙන්නේ දරුවාගේ සිරුර කළලයක හැඩයෙන් තැන්පත්කර තිබූ බවය.

''ශාක පත්‍රවලින් හෝ සත්ත්ව හම්වලින් දරුවාගේ මළසිරුර ඔතා තියෙන්නට ඇති කියල අපි හිතනවා. ඒ විධියට තමයි දරුවා අන්තිම නින්දේ සතපවල තියෙන්නේ'' මරියා මාටිනෝන් ටොරේස්(María Martinón-Torres) පැවසුවාය.

අස්ථි කොටස් වැඩිදුරටත් පරීක්ෂා කළ විද්‍යාඥයන් ඒවායේ හැඩය අනුව නිගමනය කරනු ලැබ තිබෙන්නේ 'එම්ටෝටෝ' පිරිමි දරුවකු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවය.

''දරුවාගේ සිරුර වලදමා තියෙන්නේ ගුහාවක. එය මිනිස්සු ජීවත්වෙච්ච ස්ථානයක්'' මහාචාර්ය මරියා මාටිනෝන් ටොරේස් පවසන්නීය.

''සියලු හැසිරීම් රටාවන්ගෙන් ප්‍රදර්ශනය වන්නේ කණගාටුව වෙන්න පුළුවන්, දරුවාට යන්න නොදෙන ආකල්පයක් වෙන්න පුළුවන්''   (බීබීසී විද්‍යා තොරතුරු අංශයේ වික්ටෝරියා ගිල් විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි)
 

More News..