brand logo

අවුරුදු 6 ක දැරිය අපයෝජනය කළ අය ගැන 1929 ට කියන්න

01 March 2020

සමාජ මාධ්‍ය තල හුවමාරු වන වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය පිළිබද තොරතුරු දන්නේ නම් දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කර තිඛේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවියේ විශේෂ නිවේදනයක් පලකරමින් සඳහන් කර ඇත්තේ අදාල සිද්ධිය පිළිබද තොරතුරු ඇත්නම් 1929 ළමා උපකාරක දුරකතන අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසයි. අදාල දැරිය ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය හා සම්බන්ධ තොරතුරු සහ අදාල දැරිය හදුනා ගත් අයෙක් සිටි නම් ඒ පිළිබද ලගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
 

More News..