brand logo

අවුරුදු 20ක් දැවැන්තම කණ්ඩායමක් විදිහට හිටපු අපිට ඒ තැන දැන් නැතිවෙලා

06 January 2019

වසර 20ක් පුරාවට ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම කණ්ඩායමක් ලෙස සිටිය ශ්‍රී ලංකා කණ්ඩායමට වර්තමානය වන විට එම තැන අහිමි වී ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු අග්‍රගණයේ දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවී සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුරලි කියා සිටියේ මේ වන විට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගවලට පවා මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවයි. දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායම තුළ නොමැති යැයි තමන් නොපවසන බවත්, මෙවැනි තත්ත්වයකට හේතුව තමන් බැලීමට උත්සාහ දැරුවේ නොමැති බව ද මුත්තයියා මුරලිදරන් එහිදී පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුරලි පැවසුවේ, මම කියන්නේ නැහැ දක්ෂ ක්‍රීඩකයෝ නැද්ද කියලා. ඒක මොන හේතුවක් හින්දද කියලා මම බලන්න ගියේ නැහැ. අපි ඒකට සුදුසු කට්ටිය දාලා තියෙනවානේ. ඒගොල්ලන් තමයි පිළිතුරු හොයන්න ඕනේ ඇයි මෙහෙම වුනේ විසදුම් හොයන්න ඕනේ ඒගොල්ලන්. අපිට එළියේ ඉදන් විසදුම් දෙන්න හරි අමාරුයි. ඇතුළට ගිහින් බලන්න ඕනේ මොනවද වෙලා තියෙන්නේ කියලා. මේකේදි පරිපාලනයට විතරක් දොස් කියන්න බැහැ. ක්‍රීඩකයොන්ගෙත් මදිකමක් පේනවා.
 

More News..