brand logo

අවුරුදු 2කදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධූරය 4දෙනෙකුට

13 February 2019

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ගැටළු රැසකට මුහුණදී සිටින අවස්ථාවක අද දිනයේ ඔවුන් දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගයකට මුහුණදීමට සූදානමින් සිටිනවා. අද දිනයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නටයි. පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයට පත්වූ සිව්වැනියා දිමුත් කරුණාරත්නයි. 2017 වසරේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු නායකයින් තිදෙනෙකු එම ධූරයට පත් කෙරුණා. ඒ්, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල්. අද දිමුත් කරුණාරත්න. රංගන හේරත් සහ සුරංග ලක්මාල් එම වසර දෙකට අනුව නායකත්වයෙන් සාර්ථකවී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ගතවූ වසර 37 තුළ වර්තමානය දක්වා ටෙස්ට් නායකයින් 17දෙනෙකු එම ධූරයේ කටයුතු කර තිබෙනවා. එම වාර්තාවලට අනුව අර්ජුන රණතුංග වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට නායකත්ව ලබාදී තිබෙනවා. නමුත් තරග ජයගෙන සාර්ථකත්වයට පත්ව තිබෙන්නේ රංගන හේරත් සහ සුරංග ලක්මාල්.  
 

More News..