brand logo

අවුරුදු 13ක දැරිය පැහැරගෙන ගිහින් බලෙන් මුස්ලිම් කරලා

05 November 2020

වයස අවුරුදු 13ක ක්‍රිස්තියානි දැරියක් පැහැරගෙන ගොස් ඉස්ලාමිකයකු හා බලෙන් විවාහ කර ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට බල කර ඇත. දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ හතළිස් හතර හැවිරිදි අලි අස්හාර් නැමැත්තෙකුට එරෙහිව ය. දැරිය විවාහ කරගත් බව සඳහන් වන ව්‍යාජ විවාහ සහතිකයක්ද අලි අස්හාර් තමන්ට ඉදිරිපත් කළ බව දැරියගේ මව්පියෝ පවසති. ළමා විවාහවලට එරෙහිව වීදි බැස උද්ඝෝෂනය කරන පකිස්ථාන ක්‍රියාකාරිකයෝ පාකිස්තානයේ කරච්චි නුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක යෙදී ඇත. දැරියගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කළද දැරියගෙන් නිවැරදි ප්‍රකාශයක් ලබා ගන්නට පාකිස්තාන අධිකරණය අපොහොසත් වී ඇති බව ළමා විවාහවලට එරෙහිව වීදි බැස උද්ඝෝෂනය කරන පකිස්ථාන ක්‍රියාකාරිකයෝ  පවසති. අධිකරණයට ප්‍රකාශයක් ලබාදෙමින් දැරිය පවසා ඇත්තේ ඇගේ වයස අවුරුදු දහ අටක් වන බවය. තමන්ගේ කැමැත්ත මත විවාහ වූ බවත් ඈ එහිදී සඳහන් කර ඇත. ඇගේ එම ප්‍රකාශය සැලකිල්ලට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් නොගෙන දැරිය සහ සැකකරුවන් මුදා හරින්නට අධිකරණය පියවර ගෙන ඇත. දැරියට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් පාකිස්තානයේ වසන කතෝලික නායකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් උද්ඝෝෂණ ව්‍යාපාරයකට එළඹියේ ඉන් පසුවය. ඔවුන් පවසන්නේ දැරිය ප්‍රකාශය ලබා දී තිබෙන්නේ බලකිරීම් මධ්‍යයේ බවයි. සමාජයෙන් එල්ල වන බලාපෑම් වැඩිවත්ම පාකිස්තානයේ සින්ධ් මහාධිකරණය දැරියව සොයාගෙන එන ලෙස පොලිසියට නියම කර ඇත. ඒ අනුව නඩු විභාගය ආරම්භ වනතුරු දැරිය ආරක්‍ෂිත රැඳවුමක තබා ගන්නට අධිකරණය නියම කර තිබේ. දැරියව පැහැර ගෙන ගියේ යැයි සැක කෙරෙන පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු දහතුනක දැරියකට තම ආගම වෙනස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බව කතෝලික ආගමික නායකයෝ පෙන්වා දෙති. ළමා විවාහද පාකිස්තාන නීතිය අනුව තහනම්ය. එසේ වූවත් පාකිස්තානයේ බොහෝ දැරියන් විවාහ වන්නේ වයස් අවුරුදු දහ අටට ආසන්න වන විටදීම බව එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙයි. දකුණු ආසියාතික රටවල ළමා විවාහ සුලභව දක්නට ලැබෙන බවත් එම සංවිධානය කියා සිටී. මංජුලා විජයරත්න
 

More News..