brand logo

අවුරුදු දෙකහාමාරක දරුවටත් කොවිඩ්

10 October 2020

කොග්ගල ප්‍රදේශයේ හෝටල් තුනක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන තුල මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කෙරෝනා පොකුරේ ආශ්‍රිතයින් 800 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි. ඉන් 204 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමුකිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි. කොරෝනා වෛරසය ආසදානය වු අය අතර වයස අවුරුදු දෙකහමාරක දරුවෙකුට ද සිටින අතර මෙම දරුවාගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. නිරෝධායනය වෙමින් සිටි පිරිස අතර හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනෙකු, මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 622 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 164 දෙනෙකු සිටියි. ඊයේ මධ්‍යම රාත්‍රිය වන විටමෙම හෝටල් තුන තුල නිරෝධායනය වෙමින් සිටින්නේ 589 දෙනෙකු බවද හෝටල්වල සිටි 132 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් එවායේ ප්‍රථිපල ලැබිමට නියමිතව ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කලහ.
 

More News..