brand logo

අවුරුදු උත්සවයෙන් මතු වූ කොවිඩ් පොකුර

14 May 2021

කොලොන්න ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් 33දෙනෙකු කොවිඩ් ආසාදනයවීමෙන් එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සදහන් කළේ එම ඇඟලූම් කම්හලේ සේවක සේවිකාවන් 140දෙනෙකු පසුගිය 10 වැනිදා පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළ අතර, එහි ප්‍රතිඵල අද (14) ලැබීමෙන් අනතුරුව එම ආසාදිතයින් හදුනාගත් බවයි. මෙම ඇඟලූම් කම්හලේ සේවක සේවිකාවන් නිරෝධායන නීති නොතකා පසුගිය අප්‍රේල් 24 වනදා අවුරුදු උත්සවයක් පවත්වා ඇති අතර, ඊට මෙම ආසාදිතයින් ද සහභාගි වී ඇත.
 

More News..