brand logo

අවුරුද්දෙන් පසුව කොළඹට මගීන් ගේන්න ඒකාබද්ධ මෙහෙයුමක් - බස්රථ 4350යි, විශේෂ දුම්රිය සේවා 11යි

18 April 2019

අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හඳුන්වා දෙයි. එම මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අවුරුද්දට ගම්බිම්බලා පිටත්ව ගිය ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව සමත්ව ඇති බවයි. පසුගිය අටවැනිදා සිට 13 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලැබූ රුපියල් මිලියන 400ක ආදායමත් එම කාලය තුළදී කිසිදු දුම්රියක් අවලංගු නොකිරීමත්, පෞද්ගලික බස්රථවල සේවාව ගැන ලැබුණු පැමිණිලි ඉතාම අඩු වීමත් එම සාර්ථකත්වය පෙන්නුම් කරන සාධක බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එම සාර්ථකත්වය මත ලබා ගත් අත්දැකීම්ද උපයෝගි කර ගනිමින් ඉදිරි දින කිහිපයේදී ගම්වල සිට කොළඹ දක්වා පැමිණෙන මගීන්ටද උපරිම සේවාවක් ලබා දීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය. ප්‍රවාහන අමාත්‍යාංශයේ අලුත් අවරුදු ඒකාබද්ධ මෙහෙයුම ලබන 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ඒ යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 1350ක් ඈත ගම්වල සිට කොළඹ දක්වා ධාවනයට යොදවා ඇත.
 

More News..