brand logo

අවුරුද්දට ලක්ෂ හයදාහක ගිනිකෙළි සූදානම්

10 April 2021

ඉදිරියේදී එළැඹෙන උත්සව සමයට භාවිත කිරීම සඳහා රුපියල් ලක්ෂ 6000ක වටිනාකමකින් යුත් රතිඤ්ඤා, මල් වෙඩි සහ ගිනි කෙළි නිමැයුම් මේ වනවිට නිෂ්පාදනය කර අවසන් බව සමස්ත ලංකා ගිනි කෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසයි. පසුගිය වසරේද සිංහල-හින්දු අලුත් අවුරුද්දට කිසිදු උත්සවයක් නොපැවැත්වුණු නිසා වසරකටත් වඩා වැඩි කාලයක සිට විශාල දුෂ්කරතා රැසකට ගිනි කෙළි නිෂ්පාදනයේ යෙදෙන පිරිස මුහුණ පා සිටින බැවින් මෙම වසරේ අලුත් අවුරුදු උත්සව සමයට ගිය වසරට වඩා සූදානමක් තිබෙන බව ඔහු පවසා සිටියේය. මේ වසරේ උත්සව අවස්ථාවන්, සංගීත සංදර්ශන මෙම වසරේද පවත්වන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකින් වන බැවින් මල් වෙඩි නිෂ්පාදනය මෙවර සිදුවූයේ සියයට දහයක් පමණ වන බවත් රතිඤ්ඤා, නිලා කූරු, බඹර චක්‍ර නිෂ්පාදනය වැඩි වශයෙන් සිදුකර ඇති බව ඔහු පැවැසීය. හෙතෙම අවධාරණය කර සිටියේ මේ වනවිට බලපත්‍රලාභී ගිනි කෙළි නිෂ්පාදනයේ යෙදෙන්නන් සිටින්නේ 250ක ප්‍රමාණයක් බවත්, සෘජුව හා වක්‍රව මෙම පිරිසෙන් 50,000කට අධික පිරිසක් යැපෙන බවය. අශිකා ජයවීර
 

More News..