brand logo

අවුරුද්දට කුකුළු මස් ඉහළ යන ලකුණු

03 April 2021

එළැඹෙන අලුත් අවුරුද්ද ඉලක්ක කර මහා පරිමාණ කුකුල් මස් ව්‍යාපාරිකයන් දස දෙනකු පමණ එක්ව මස් මිල ඉහළ දැමීමට කෘත්‍රිමව මස් හිඟයක් වෙළෙඳපොළ තුළ ඇති කර ඇති බව වාර්තා වේ. මීට සතියකට පමණ පෙර හම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 430කට අලෙවි වූ අතර මේ වන විට එය රුපියල් 580ක් දක්වා ඉහළ දමා ඇත. හම රහිත කුකුළු මස් කිලෝවක මිලද 480 සිට 680 දක්වා ඉහළ දමා තිබේ. කුඩා පරිමාණ සත්ත්ව ගොවිපොළවලින් සතුන් පණපිටින් කිලෝවක් රුපියල් තුන්සියයක මිලකට මෙම ප්‍රධාන පෙළේ ව්‍යාපරිකයන් සතුන් මිලකට ගෙන ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය අවුරුදු සමය වන විට මස් කිලෝවක් රුපියල් අටසියත් ඉක්ම විය හැකි බව ව්‍යාපාරිකයෝ පවසති. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මස් මිල ඉහළ ගියද බිත්තර මිල පහළ බැස ඇති බවයි. බිත්තරයක් නිෂ්පාදනයට වියදම රුපියල් 15ක් පමණ වුවත් මාර්ග දෙපස තබාගෙන රුපියල් 10 සිට බිත්තර අලෙවි කරන බව ද ඔහු පැවසීය. මෙම තත්ත්වය මත මව් සතුන්(කරි චිකන්) අලෙවි කිරීමෙන් කෘත්‍රිමව වෙළෙඳපොළේ මිල ඉහළ දමා ඇතිමුත් බොයිලර් කුකුළු මස් මිල පාලනය විය හැකි බවයි. චමින්ද සේනාරත්න
 

More News..