brand logo

අවිශ්ක සහ චාමිකගේ ප්‍රහාරයට බංග්ලාදේශය පරදියි

13 October 2021

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 4ක ජයක්

ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (12 වැනිදා) අබුඩාබිහි ටොලෙරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති පුහුණු තරගයෙන් බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 04ක ජයක් ලැබීය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 07ක් දැවී රැස්කළ ලකුණු 147ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 04ක් අතැතිව ලකුණු 148ක් රැස්කරමින් ජය සපුරා ගැණින. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න පිළිවෙලින් පන්දු 40කදී ලකුණු 58 ක් සහ පන්දු 10කදී ලකුණු 29ක් වශයෙන් රැස්කර ගැණින. බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී සෞම්‍ය සර්කාර් කඩුලු 2ක් දවාගනු ලැබීය. බංග්ලාදේශය තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය සෞම්‍ය සර්කාර් පන්දු 26කදී ලකුණු 34ක් රැස්කර ගත්තේය. බංග්ලාදේශය වෙනුවෙන් සෙසු එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. ලකුණු 16ක් ලබා සිටි නයිම් ශෙයික්ව දවා ගනිමින් කඩුලු දවා ගැනීම ඇරඹූ දුෂ්මන්ත චමීර සිය පන්දුවාර 4 අවසන්වන විට ලකුණු 27කට කඩුලු 03ක් දවාගැණින.

ඕමානය සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ චරිත් අසලංක, අකිල ධනංජය සහ බිනුර ප්‍රනාන්දු වෙනුවට දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග සහ අබාධ තත්ත්වය සුව වූ කුසල් පෙරේරා ඊයේ (12 වැනිදා) තරගයට එක්ව සිටියේය.

එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කර අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු ලෙසින් සම්බන්ධ වූ මහේල ජයවර්ධන ඊයේ (12 වැනිදා) ශ්‍රී ලංකා පිලේ පුහුණුවීම් සඳහා එක්ව සිටියේ නව ශ්‍රී ලංකා ජර්සියද හැදගෙනය.
 

More News..