brand logo

අවිශ්ක ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුරට

30 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබෙනවා. ඊට හේතුව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ජෝන් ලුවිස් මහතා පුද්ගලික කාරණයක් හේතුවෙන් නිවාඩු ලබාගෙන ඇති බවයි. ඉදිරියේදී ආරම්භවීමට නියමිත දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ජෝන් ලුවිස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. ඒ අනුව කැන්බරා ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. නිමා වූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජයගත් අතර එහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ අවිශ්ක ගුණවර්ධන මහතායි.
 

More News..