brand logo

අවිශ්කට සහ නුවන්ට දූෂණ චෝදනා - ක්‍රිකට් තහනමක් ද පැනවෙයි

10 May 2019

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 ක්‍රිකට් තරගවලියකදී විනය නීති උල්ලංගණය කළැයි කියන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ චෝදනා එල්ල කර තිබේ. ඒ අනුව අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලට සම්බන්ධ වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ, එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඉහත තීරණයට එළඹි බවයි. අද නිකුත් කළ නිවේදනයට අනුව, නුවන් සොයිසාට එරෙහිව කරුණු 4ක් යටතේ චෝදනා එල්ල කර තිබේ. අවිශ්ක ගුණවර්ධනට චෝදනා එල්ල වී ඇත්තේ, කරුණු දෙකක් යටතේයි. එසේම තම නිර්දෝශීභාවය ප්‍රකාශ කිරීමට නුවන් සොයිසාට සහ අවිශ්ක ගුණවර්ධනට මැයි මස 9 වැනිදා සිට දින 14ක කාලයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබා දී ඇත.
 

More News..