brand logo

අවිවාහක තරුණියක් හැටියට දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණා

16 November 2019

නිරංජනි ෂන්මුගරාජා ලාංකීය සිනමාව තුළ සුවිශේෂත්වයට පත්වන්නෙ ඇගේ පළමු සිනමා රංගනය වන ඉනිඅවන් සමගිනුයි. එකී රංගනය වෙනුවෙන් එම වර්ෂයේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමට තරම් ඇය වාසනාවන්ත වනවා.ඉන් ඉක්බිතිවත් අපූර්වතම නිර්මාණ හරහා රසිකයන් ආමන්ත්‍රණය කළ නිරංජනි මේ වසර අග වන විට තවත් සුවිශේෂ සංධිස්ථානයකට විත් සිටිනවා. ඒ ප්‍රවීණ සිනමා ධරයකු වන සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය වන සුනාමි හි කල්‍යාණිගේ චරිතය සමගිනුයි. අපි සුනාමි ළඟින් කතාබහ අරඹමු මේ චිත්‍රපටය නිර්මාණය වූයේ සැබෑ සිදුවීමකින් නිසාත් අවිවාහක තරුණියක් විදිහට මට මවකගේ අත්දැකීම් නැති කෙනෙක් නිසා මට පොඩි බයක් තිබුණා. ආරම්භයේ පටන්ම මේක ගැන මනුස්සයන්ගෙ හැඟීම් එක්ක කතා කරන කතාවක්නෙ. මීගමුව ප්‍රදේශයේ තමයි සුනාමියේ දර්ශන රූගත කරන දර්ශන තලය සකස් කරලා තිබුණෙ. මම ඇත්තටම සුනාමි ව්‍යසනයට මුහුණ දීලා නැහැ. හැබැයි රූගත කිරීම්වලදී සුනාමියේ තිබුණ බිහිසුණු අත්දැකීම මට සැබෑවටම දැනෙන්න පටන් ගත්තා. මේ අභියෝගය ඔබට අසීරු කාරණාවක් වූ බවද පවසන්නෙ මෙහෙමයි අපි රංගන ශිල්පීන් කියල නැහැ. අපිටත් බය දුක භීතිය ඔය හැම මනුස්ස හැඟීමක්ම අනිත් අයට වගේම දැනෙනව. සුනාමි දර්ශනය රූගත කරන්න නියමිත දවසෙ දර්ශන තලය දැක්කම මට පණ බයක් ඇති වුණෙ මට පීනන්නත් බැහැ. කට ගාවට එනකන්ම වතුර පුරවල මාව මැරෙයිද. මම මේක කොහොමද කරන්නෙ කියල හිතුණා. මම සර්ගෙන් ඇහුවා මාව නැතිව මේක ගොඩදාන්න බැරිද කියල. චිත්‍රපටය කරන්න ගත්තට පස්සෙ පළවැනි වතාවට සර් මට බැන්නා තිරංජි ඔයා සෙල්ලම් කරනවද මේ තරම් දේවල් කරලා ඉවරවෙලා මේ අවස්ථාව මගහරිනවද කියලා. කොහොම හරි දර්ශනය රූගත කරන්න පෙර සෝමරත්න සර් සහ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ ඒ වතුරට බැහැලා රඟපාලා පෙන්නුවා. නිරංජනී කියන්නෙ ආරම්භයේ පටන්ම වටිනා චරිතවලට හිමිකම් කියූ නිළියක් ඔබට මේ අවස්ථා හිමිවීමට විශේෂයෙන් බලපෑ කාරණා මොනවද හැමදේටම වාසනාව කියන දේ තියෙන්න ඕන. මම දමිළ ජාතික රංගන ශිල්පිනියක්. ඒක මට අභියෝගයක් ලංකාවේ සිනමාව ඇතුළෙ සිංහල නිළියො ගොඩක් ඉන්නව. සිංහල නිළියො ඉන්න මේ ක්ෂේත්‍රය ඇතුළෙ මට ලැබෙන එකම එක අවස්ථාව වුණත් මාරම අවස්ථාවක් කියලයි මම කියන්නෙ. දක්ෂතාව හැමෝටම තියෙන දෙයක්නෙ. මම හැමවෙලාවෙම හිතන්නෙ මගේ දක්ෂතාව වගේම වාසනාව නිසයි මේ දේවල් ලැබෙන්නෙ. ඒකට හේතුව මට ලැබිල තියෙන විදිහෙ අවස්ථා වෙන දමිළ නිළියකට ලංකාව තුළ ලැබිල නැහැ. ඉනිඅවන් නිරංජනී ෂන්මුගරාජාගේ ජීවිතය වෙනස් මානයකට යොමු කරවූ මතකය තවමත් සුන්දරයිද මම රංගනය පටන් ගන්නෙ වේදිකාවෙන්. සිනමා නිළියක් වෙන්න අදහසක් තිබුණෙ නැහැ. මට එහෙම අවස්ථාවක් ලැබෙයි කියලවත් හිතල නැහැ. ඉනිඅවන් චිත්‍රපටයෙදි මට ඔවුන් පවසන්නෙ කරලා බලමුකො කියන කාරණයයි. මට විශ්වාසයක් තිබුණෙ නැහැ එය මට කළ හැකියි කියලවත්. නමුත් මගේ පළමු රංගනයෙන්ම මට දෙරණ සිනමා උළෙලේ හොඳම නිළියගේ සම්මානය ලැබුණා. මම දෙමළනෙ. මාව නිර්දේශ වෙලා තියෙද්දී මට හිතුණා මට කොහෙද සම්මාන ලැබෙන්නෙ. ලංකාවේ දක්ෂ සිංහල නිළියො ඉද්දි කියල. සම්මානය මගේ අතට ලැබුණම ඇත්තටම මම ආඩම්බර වුණා ලංකාවේ කලාව ඇතුළෙ මම ඉන්න එක ගැන. ලංකාවේ ඉපදුන එක ගැන ජාතිය ද භාෂාව ද ආගම ද කියන එක වැදගත් වෙන්නෙ නැහැ. දක්ෂතාව තියෙනව නම් කලාව කියන විශ්ව භාෂාව තුළ මිනිස්සු ඔක්කොම එකයි. එදා මම ලංකාවේ දක්ෂ නළු නිළියන්ගෙ අත්පොළසන් මැද සම්මානය ගන්න වේදිකාවට නගිද්දි ආදරය මට දැනුණා මේ ක්ෂේත්‍රය තුළ මිනිස්සු කුහක නැහැ. හරිදේට තැනක් දෙනව කියන එක මම තේරුම් ගත්තා. එතනින් තමයි මම මගේ ගමන පටන් ගත්තෙ. පවත්නා රැල්ලෙන් මිදි ඔබ ඔබට ආවේණික වූ ගමන් රටාවකට ගමන් කරන වගයි අපට හැ​ඟෙන්නෙ දෙවියො සහ ලංකාවේ කලාව මට යමක් කියනව මේ රට හා කලාව වෙනුවෙන් උඹට දෙයක් කරන්න පුළුවන් කියල. මම හිමිහිට චරිතාංග නිළියක් විදිහටයි ඉදිරියට යන්නෙ. අපිට සල්ලි ඕන තමයි. නමුත් කලාවෙන් සල්ලි හොයල ජීවත් වෙනව කියන තැන මම නැහැ. මම නිවේදිකාවක් විදිහට වෘත්තීය ජීවිතයක් ගෙවන කෙනෙක්. මම ජීවත් වෙන්නෙ එම රැකියාවෙන්. උපයන දෙයින් රඟපෑම කියන්නෙ විලාසිතාවක්. ජීවත් වෙන්න සල්ලි වගේම අපි ආදරය කරන දෙයකුත් ඕන. මම ආදරය කරන දේ තමයි රංගනය. මම ආදරය කරන දේ එක්ක මගේ ජීවිතය ගමන් කරනව. තිරංජනී ඔබ පැමිණි ගමන ගැන සෑහීමකට පත්​ෙවනවද මම 2011 දී සිනමාවට එන්නෙ. 2019 වෙද්දි ලංකාවේ අති දැවැන්න චිත්‍රපට කරන සෝමරත්න දිසානායක වැනි අධ්‍යක්ෂවරයෙකුගෙ චිත්‍රපටයක ප්‍රධාන නිළිය වෙනව කියන එක ලංකාවෙ ඉපදුණ ලංකාවේ වැඩ කරලා ඉදිරියට ආපු දමිළ නිළියකට ලේසි නැහැ. ඒක මාරම ආශිර්වාදයක්. මම පොඩි කාලෙ සූරිය අරණ, පුංචි සුරංගනාවි වැනි චිත්‍රපට බලලා හැදුන ළමයෙක්නෙ. එම චිත්‍රපට හැදූ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක ප්‍රධාන නිළියක් වුණා කියන එක මට හීනයක් වගෙයි. නිරංජනී කොළඹ සිංහල භාෂාව කතා කරන අය අතර හැදුන කෙනෙක්ද මම නුවර. මම ඉගෙන ගත්තෙ රජවල ටැමිල් නැෂනල් කොලේජ් එකෙන් සහ නුවර බදියුද්දින් මහමුද් පාසලෙන්. මම අධ්‍යාපනය හැදෑරුවෙත් දමිළ මාධ්‍යයෙන්. මම මගේ දෙවන භාෂාව විදිහට තෝරගත්තෙ සිංහල. ඒ වගේම මගෙ අම්මගෙ අම්ම සිංහල. නිවේදිකාවක් විදිහට මම දෙමළ හා සිංහල කියන භාෂා දෙකෙන්ම වැඩ කරනවා. සිංහල ඔයාලට තරම්ම නැති වුණත් මට සිංහල භාෂාව හොඳින් හසුරවන්න පුළුවන්. සුරංජි පතිරණ ඡායාරූප- ප්‍රදිප් දඔරගේ
 

More News..