brand logo

අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය

20 April 2020

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් අද පැවැත්වෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවැත්වෙන රැස්වීම් පිළිබද සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් අද උදෑසන එක්කර තිබුණා. එම සටහන පහතින් දැක්වෙයි අද 2020 අප්රේල් 20 රැස්වීමේදී මැතිවරණ දින නියම කිරීම සම්බන්ධයෙන් මැකොස කුමක් කරන්නේද යන්න දේශපාලන ක්‍රියාකාරීහු , මාධ්‍යවේදීහු ඇතුළු අපගේ මිතුරෝ මගෙන් විමසති .මැකොස මතය ගැන මට කිසිවක් නොහැකිය . මක්නිසාද යත් එය තිදෙනකුගෙන් සමන්විත බැවිනි . එමෙන්ම මැකොස තුළ කතා කළ යුතු දේ , විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු , කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම මා හෝ මැකොස අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බැවිනි . .එහෙයින් මා දරණ මතය මට දැන් පුකාශ කිරීමට නොහැකිය කෙසේවුවද පවත්නා තත්වය හා අදාළ සියලුම කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයක් පිළිබඳව මැකොස සාකච්ඡා කරනු ඇත . කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැ⁣කොස සතුය . ඒ පිළිබඳව විවිධ අදහස් ජන මාධ්‍ය තුළ පළවූ නමුත් එම දින වකවානු තීරණය කිරීම පිළිබඳව එනම් කල් තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්,තැබීමට හෝ පැවැත්වීමට හෝ මැකොසට නියම කිරීමේ බලපෑම් කළ නොහැකිය එසේවුවද අප වෙත සංනිවේදනය කරන ලද සෑම කරුණක් කෙරෙහිම හා රටේ තත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සදහා පනවා ඇති නියම පිිළිබඳව මෙන්ම නිදහස් , සාධාරණ , විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්දවිමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද තරගය සම භූමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බවද අප විසින් සලකා බලනු ලැබේ . COVID 19 වෛරසයේ බලපම හා එහි පාලනය පිළිබඳව මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අදාළ ක්ෂෙත්‍රවල ප්‍රවීණයන්ගේ මෙන්ම නිසි බලය සහිත රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් මෙන්ම අපගේ නිලධාරීන්ගේ අදහස් මැකොස විමසා බලනු ඇත . එමගින් වඩාත් සුදුසු තීරණය ගැනීමට මැකොසට හැකිවන ඇතැයි අපේක්ෂිතය . මා 1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයකුට පක්ෂයකට ,කණ්ඩායමකට විශේෂ පක්ෂපාතිත්වයක් දක්වා නැත . ඉදිරියට දක්වන්නේද නැත . මාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය . අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය , ජනතාවට පමණක්ය . ජනතාවට පමණක්මය . COVID 19 ට පරාජය !!! ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය !!!
 

More News..