brand logo

අවසාන අදියරේ හෙද සිසුවියන් අවශ්‍ය වුවහොත් කොරෝනා ප්‍රතිකාර සඳහා

05 May 2021

අවශ්‍ය වුවොත් අවසාන අදියරේ ඉගෙනුම ලබන හෙදියන් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදවා ගන්නා බව සෞඛ්‍ය ඇමැතිති පවිතත්‍රා වන්නිආරච්චි ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. එමෙන්ම හෙදියන්ට දැඩි සත්කාර ප්‍රතිකාර පුහුණුව ලබා දීමට හා සීමාවාසික වෛද්‍යවරුන් සඳහා කොවිඩ් හදිසි ප්‍රතිකාර පුහුණුව ලබා දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයිද ඇමැතිවරිය කීවාය. දිනකට පීසීආර් පරික්ෂණ විසිපන්දහසක් අඩු වැඩි වශයෙන් සිදු කරන බවත් පරික්ෂණයකට රුපියල් එක්දහස් හත්සිය හැට බැගින් දිනකට රුපියල් ලක්ෂ හාරසිය හතළිහක් ඒ සඳහා වැය වන බවත් ඇය කීවාය. මෙම වසර අවසානය වෙද්දී රටේ ජනගහනයෙන් සියයයට හැට තුනකට වඩා පූර්ණ එන්නත්කරණය කිරීමට හැකිවන බවත් මෙම සතිය තුළ ආරම්භ කරන එන්නත් වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරගෙන යාමට හැකි වන බවත් ඇය ප්‍රකාශ කළාය. තිබෙන ඇඳන් දහතුන්දහස් අටසීයට අමතරව තවත් ඇඳන් දස දහසක් රෝගින් සඳහා ඉදිරි සතියේදී වෙන් කරන බවද දැනට තිබෙන ඔක්සිජන් සඳහා භාවිත කරන ජම්බෝ සිලින්ඩර හාරදහසට සහ සාමාන්‍ය සිලින්ඩර් විසිහතර දහසට අමතරව තවත් ජම්බෝ සිලින්ඩර් හත්දහසක් ඇණවුම් කළ බවද ඇය කීවාය. ඉන් සිලින්ඩර හාරසීයක් මේ සතියේදී ලැබෙන බවද ඇමැතිවරිය කීවාය. අජිත් අලහකෝන්
 

More News..