brand logo

අවසන් වසරේ වෛද්‍ය සිසුන්ට ජුනි දෙවැනි සතියේ පීඨ ඇරේ

26 May 2020

අවසන් වසර වෛද්‍ය සිසුන් වෙනුවෙන් ලබන මස දෙවැනි සතියේ දී වෛද්‍ය පීඨ විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව තීරණය කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු බලධාරීන් සමග ඉකුත් දිනවල පැවති සාකච්ඡාවලින් පසු කොමිෂන් සභාව මෙම තීරණය ගෙන තිබේ. හදිසියේ විශ්වවිද්‍යාල වසා දැමීම නිසා අවසන් වසර විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් හයසියයක් පමණ සිටින බවත් ඔවුන් වෙනුවෙන් පීඨ විවෘත කර විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන බවත් කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ‘අරුණ‘ට පැවසීය. සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් පියවර ගත යුතු යැයි මෙහිදී සෞඛ්‍ය බලධාරින් අවධාරණය කර තිබේ. නේවාසිකාගාරවල රැඳී සිටීමේ දී දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. උසස් අධ්‍යාපන බලධාරීන් සහ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු උපකුලපතිවරුන් ඉකුත් 14 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කළ අතර සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙනි. නිලන්ත මදුරාවල
 

More News..