brand logo

අවමගුලට ආසාදිතයන් තිදෙනෙක් ගිහින්

27 December 2020

    ගාල්ල, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් උක්වත්ත ප්‍රදේශයේ පැවති අවමගුලක් සඳහා සහභාගී වූ තිදෙනෙක් මේ වන විට ආසාදිතයන් වශයෙන් හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ පසුගිය 11 වැනි දා සිට 13 වැනි දා දක්වා මෙම අවමංගල්‍යය පවත්වා තිබෙන බවත්' එයට සහභාගී වීමට කොළඹ සිට බැංකු සේවකයකු පැමිණ තිබෙන බවත්ය. එම කොළඹ සිට පැමිණි පුද්ගලයා ආසාදිත බව හඳුන ගත්පසු අවමගුල සඳහා පැමිණි පිරිසේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. ආසාදිත බැංකු සේවකයා සමග අවමංගල්‍ය අතර තුර මත්පැන් පානය කළ අය අතරින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බව අද (27) උදැසන ලැබුන PCR වාර්තා අනුව හඳුනා ගෙන තිබෙනවා. එම ආසාදිතයන් දෙදෙනාගෙන් අයෙක් ගාල්ල නගරයේ රජයේ ප්‍රධාන කාර්යාලයක ගණකාධිකාරීවරයෙක් බවද පැවසේ. කොවිඩ් අවදානම හමුවේ රජයේ ප්‍රධාන කාර්යාලයක නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කලොත් කොරෝනා පාලනය කිරීම අපහසුවන බව ද සෞඛය අංශ පෙන්වා දෙන අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ උක්වත්ත ප්‍රදේශයෙන් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බවකි.
 

More News..