brand logo

මුදල් අවභාවිතාවක් පිළිබඳව නිදහස් පෙරමුණෙන් රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

13 December 2019

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් යෙදවීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අවභාවිතාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් අද පෙරවරුවේ මෙම සිදුවීමට අදාළව පැමිණිලි කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගොස් තිබුනද එහිදී ඔහුගේ පැමිණිල්ල භාරගෙන නොමැති බව වාර්තා වෙයි. පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට වසරකදී රජයේ මුදල් රුපියල් ලක්ෂ 30,000 ක් පමණ යෙදවීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ මුදල් අවභාවිත කර ඇති බවය.
 

More News..