brand logo

ජනප්‍රිය අවන්හලකින් කොවිඩ් ආසාදිතයෙක් කාලා

14 October 2020

දීප ව්‍යාප්ත පෞද්ලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා කොවිඩ් ආසාදිතයකු පැමිණ ඇත. ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට ගාලු පාරේ අවන්හලට පැමිණ ආහාර පාන ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ හා බෙන්තොට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත. එම අවන්හල ඊයේ (13) සවස සිට වසා දැමීමට කටයුතු කර තිබේ. බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බෙන්තොට පොලීසිය මේ බව සඳහන් කරනවා. තවද ආයතනය වසා දමා එහි සේවය කල සේවක පිරිස් ද නිවෙස් තුළ ස්වයං නිරෝධායනය ලක්කර තිබෙන බව පැවසේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිහාල් රණසූරිය මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මෙම ආයතනය ඔක්තෝබර් (17 ) තෙක් වසා තැබීමට නියෝග කර ඇත.
 

More News..