brand logo

අවදානම් ප්‍රදේශ විවෘත වුනොත් රටපුරා නැවත රෝගය ව්‍යාප්ත වෙයි

07 November 2020

සමස්ත බස්නාහිර පළාත තුළම ඇදිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. වෛද්‍යවරයා පැවසුවේ බස්නාහිර පළාත් අවදානම් ප්‍රදේශ තෝරගෙන එම ප්‍රදේශ වලට සංචරණ සීමා පැන විය යුතු බවයි. කොවිඩ් අවධානම වැඩි ප්‍රදේශ පිළිබදව නිසි අධ්‍යයනයකින් තොරව විවෘත වුවහොත් ඒ හරහා නැවත රටපුරා රෝගය ව්‍යෘප්තවීමේ තර්ජනයක් මතු විය හැකි බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි. මාධ්‍යවෙත වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ ද පැවසීය.... මේ බෝනොවන රෝග වයස්ගත වූවන්ට තිබුණත්, තරුණ අයට තිබුණත් අවධානම වැඩියි කියන එක අපිට පේනවා. කොළඹ මහ නගර සභා සීමාව ඇතුළේ මේ විදිහට මරණ විශාල ප්‍රමාණයක් මේ දවස් කිහිපය තුළ වාර්තාවීම බොහෝම අපේ අවධානයට ලක්විය යුතුයි. අපි විශ්වාස කරන්නේ නෑ සමස්ත බස්නාහිර පළාතේම ඇදිරි නීතිය පැවැත් විය යුතුයි කියලා. ඒ නිසා විශේෂයෙන්ම බස්නාහිර පළාත් අවදානම් ප්‍රදේශ තෝරගෙන ඒ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීමේ ක්‍රමවේදයක් සකස් කරලා තමයි ඇදිරිනීතිය ඉවත් කළ යුත්තේ කියලා අපි විශ්වාස කරනවා. අවදානම් ප්‍රදේශ හරි අධ්‍යයනයකින් තොරව විවෘත වුනොත් එහෙම ඒ හරහා අපිට නැවත රටපුරා රෝගය ව්‍යෘප්තවීමේ තර්ජනයකට ලක්වෙන්න පුළුවන්.
 

More News..