brand logo

අලුතින් රියදුරු බලපත්‍ර ලබාගන්නා අයට දැනුම් දීමක්

02 May 2021

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වේරහැර කාර්යාලයේ සේවාවන් සෞඛ්‍ය උපදෙස් මත හෙට (03) සිට සතියක කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබේ. එසේම මින් ඉදිරියට සේවා ලබාදෙන්නේ ඕනෑම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම මඟින්, ස්ථාවර දුරකථන මඟින් 1225 ඇමතීම මගින් සහ e-channelling සේවාව මඟින් වේලාවන් වෙන්කර ගත් පුද්ගලයන් සඳහා පමණි. තවද දැනට වේලාවන් වෙන්කර ඇති පුද්ගලයින් සඳහා පසුව දිනයක් හා වේලාවක් දැනුම්දීමට කටයුතු කරන බව ද එම ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා සඳහන් කරයි. මේ අතර ප්‍රධාන කාර්යාලය ඇතුළු අනෙකුත් කාර්යාලවල සෙනසුරාදා දිනයේ සේවාව සැපයීමේ කටයුතු ද තාවකාලිකව නවතා දමා ඇත.
 

More News..