brand logo

අලුත් නිල ඇඳුමෙන් සෙබළුන්ට ආරක්ෂාව

18 September 2020

යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළාකය වෙත අලුතින් හඳුන්වා දුන් නිල ඇඳුම පාරජම්බුල කිරණ හා බැක්ටීරියා ආසාදනවලින් සොල්දාදුවන් ආරක්ෂා කරන විශේෂිත වුවක් බව යුද හමුදාව සඳහන් කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවල හමුදාවන්ට සුවිශේෂී මෙහෙයුම්වලට ලබාදෙන මෙම නිල ඇඳුම ලොව පිළිගත් රෙදිපිලි පරීක්ෂාගාරවල පරීක්ෂාවට ලක් කළ එකකි. ඕනෑම දේශගුණික තත්ත්වයන්වලට ඔරොත්තු දෙමින් සෙබළාගේ සුවපහසුව සඳහා මෙම නිල ඇඳුම සැකසී ඇත. මෙම සුවිශේෂී නිල ඇඳුම පසුගිය සතියේ හඳුන්වා දෙනු ලැබීය. විශේෂ බළකාවල රාත්‍රී මෙහෙයුම්වලදී පියවි ඇසට නොපෙනෙන අයුරින් මෙම රෙදි නිර්මාණය වී ඇත්තේ වර්ණ හතරකිනි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..