brand logo

අලුත් අවුරුදු මාර්ගෝපදේශ ප්‍රායෝගික නැති බව PHIලා කියයි

04 April 2021

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරනු ලැබූ මාර්ගෝපදේශ මාලාව ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබෙන්නේ මින් පෙර ද අවස්ථා කිහිපයකදී මාර්ගෝපදේශ නිකුත් කළ අතර එම මාර්ගෝපදේශ ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව තිබෙන බවය. අලුත් අවුරුදු මාර්ගෝපදේශ මාලාව ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් උපුල් රෝහණ මහතා මෙම අදහස් පළ කළේය. උපුල් රෝහණ මහතා , "මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා තියෙන්නේ. මුහුණු ආවරණ පැළඳ ගත්ත අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි ජනතාවට විහිලු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා."
 

More News..