brand logo

අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක්

04 April 2019

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ වේ. ඒ අනුව හෙට පස්වරුවේ සිට 22 වැනි දා දක්වා අදියර දෙකක් යටතේ විශේෂ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලංකා ගමනාගමන මණ්ඩලයේ කාලසටහන් හා සැලසුම් කලමණාකාර වරයා සඳහන් කලේ මුල් අදියර යටතේ දීපව්‍යාප්තව අතිරේක බස් රථ 1,500 ක් කොළඹින් ගමන් ආරම්භ කරන බවත් සාමාන්‍ය දිනකදී කොළඹින් ගමන් අරඹන බස් රථ සංඛ්‍යාව 1350 ක් බවත්ය. අතිරේක බස් රථ යෙදවීමත් සමග උත්සව සමය වෙනුවෙන් බස් රථ 5800 කට ආසන්න සංඛ්‍යාවක් දීපව්‍යාප්තව ධාවනය කෙරෙන බවත් උත්සව සමයෙන් පසු යළි කොළඹට පැමිණෙන ජනතාව සඳහා දෙවන අදියර යටතේ බස් රථ සේවාව ක්‍රියාත්මක වන බව ද ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවනය වන බස් රථවල ගමන්වාර දෙකක් අතර කාලසීමාව අඩු කර ධාවනය කරවීමට ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර ඇති අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 10 වැනි දා සිට විශේෂ දුම්රිය සේවාවකද ක්‍රියාත්මක වේ.
 

More News..