brand logo

අලුත් අවුරුද්දේ එන අරක්කු පෝලිම

20 March 2022

මහ පාරේ තෙල් පෝලිම්ය. කඩ ඉදිරිපිට කිරිපිටි පෝලිම්ය, ගෑස් පෝලිම්ය, හාල්, සීනි පෝලිම්ද තිබුණේය. සිමෙන්ති ගන්නත් පෝලිම්ය. රටේ කොයි තැන බැලුවත් කුමක් හෝ පෝලිමකි. මේ පෝලිම් රැල්ලට ඊළඟට එක්වනු ඇත්තේ බාර් පෝලිම බවට ලකුණු දැනටමත් පහළ වෙමින් තිබේ.

මත්පැන් නිෂ්පාදන සමාගම් කියන ආකාරයට සිංහල අලුත් අවුරුද්දේ එන්නේ අරක්කු පෝලිමකි. ඊට හේතුව අරක්කු නිෂ්පාදනයට එතනෝල් හිඟ වීමය. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් අරක්කු මිලද ඉහළ ගියේය.

ඒ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා බව මත්පැන් සමාගම් කියන්නේය. ආණ්ඩුව කියන්නේ අරක්කු මිල වැඩිවූයේ බදු මුදල් වැඩි කිරීමෙන් නොවන බවය. අරක්කු සමාගම් මිල වැඩි කළාට තමන්ට කරන්නට දෙයක් නැති බව ආණ්ඩුව කියන්නේය. ආණ්ඩුව කියන විදියට අරක්කු මිල වැඩි වීම ඔවුන්ගේ නිර්මාණයක් නොවේ. මේ අතරේ නිෂ්පාදන වියදම මෙන්ම එතනෝල් හිඟයක්ද පැවතීම නිසා අරක්කු නිෂ්පාදනයද අවම වන ලකුණු පහළ වී තිබේ. ආණ්ඩුව එතනෝල් ආනයනය කිරීම තහනම් කළේ 2020 ජනවාරි මාසයේදීය. ඊට හේතුව අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය තරම් එතනෝල් රට ඇතුළේම නිපදවා ගැනීමට හැකිවන බව ආණ්ඩුව කල්පනා කරන නිසාය. මේ වනවිට කර්මාන්තශාලා හතරක එතනෝල් නිෂ්පාදනය කරයි.
සෙවණගල, පැලවත්ත, ගල්ඔය යන සීනි කර්මාන්තශාලාවලින් එතනෝල් නිපදවන්නේ උක් භාවිත කරමිනි. බඩඉරිඟු භාවිත කරමින්ද අවිස්සාවේල්ලේ එතනෝල් නිෂ්පාදනය කරයි. රටටම අවශ්‍ය එතනෝල් දීමට හැකි බව ලංකා සීනි සමාගමේ බලධාරීන් ප්‍රකාශ කළද දැන් දැන් එය කරගැනීමට ඔවුන්ට බැරිවී තිබේ. ඒ දේශගුණික හා කාලගුණික සාධක මත උක් අස්වැන්න අඩුවීමය.
Ethanol China, >99% pure, 1 litre bottle for laboratory reagent, Rs 175 /bottle | ID: 20150225873 මේ වනවිට ලංකාවේ මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා විසි තුනක් ක්‍රියාත්මකය. ඉන් මහා පරිමාණ කර්මාන්තශාලා හතකි. එම කර්මාන්තශාලා සඳහා වාර්ෂිකව එතනෝල් ලීටර මිලියන 24ක් පමණ අවශ්‍යය. නමුත් දේශීයව නිෂ්පාදනය කරන්නේ ලීටර මිලියන දහඅටක් පමණි. ගල්ඔය උක් කර්මාන්තශාලාවෙන් දිනකට ලීටර 24000ක් නිපදවයි. පැල්වත්ත උක් කර්මාන්තශාලාවෙන් ලීටර විසි දහසක්ද, සෙවණගල කර්මාන්තශාලාවෙන් ලීටර 18000ක්ද නිපදවයි. බඩඉරිඟු භාවිත කරමින් එතනෝල් ලීටර 24000ක් නිපදවේ. නමුත් මේ වනවිට රටේ බඩඉරිඟු නිෂ්පාදනය අඩුවී තිබේ. එහි අරුත එතනෝල් නිපදවීමත් අඩුවන බවය. කෙසේ වෙතත් ලංකාවේ එතනෝල් නිෂ්පාදනය කරන උක් කර්මාන්තශාලාවලට විදුලිය කැපීම, ඉන්ධන මිල ඉහළ යාමද තදින්ම බලපා ඇත. ගල්ඔය උක් කර්මාන්තශාලාව ජෙනරේටර් කුලී පදනම මත ගෙන යන්ත්‍රසූත්‍ර ක්‍රියාත්මක කරන්නේ අධික පිරිවැයක් දරමිනි. රජයේ කර්මාන්තශාලා දෙක වන පැල්වත්ත හා ගල්ඔයද එම ගැටලුවලට මුහුණ දී සිටිති. තවද ගල්ඔය උක් වගාකරන්නේ වාරි ජලයෙනි. සෙවණගල හා පැල්වත්ත වාරි ජලයෙන් මෙන්ම වැසි ජලයෙන්ද උක් වගා කරයි. වැසි නිසි පරිදි නොලැබුණහොත් වගාවන් විනාශ වීමේ අවදානමක්ද පවතියි. මෙරට ප්‍රධානතම මත්පැන් නිෂ්පාදන සමාගමකට දිනකට එතනෝල් ලීටර 80000ක් අවශ්‍ය වුවද දැනට පවතින තත්ත්වය අනුව ලැබෙන්නේ ලීටර 60000ක් පමණ බවද වාර්තා වෙයි. එම සමාගම විසින් ගල් අරක්කු බෝතල් පමණක් දිනකට ලක්ෂ හතක් නිෂ්පාදනය කරයි. ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන සුරා පානය වන්නේ ගල් අරක්කු බව රහසක් නොවේ. දැන් ගල් අරක්කු යනුවෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ ගල්ඔය උක්වලින් හැදූ මත්පැන්ය. ඉස්සර එය ගල්ඔය අරක්කු විය. අන්තිමේදී ගල්ඔය අරක්කු ගල් අරක්කු ලෙස ස්ථිර විය. ගල් අරක්කු බෝතලයක සුරා බද්ද 67%කි. මෙම සමාගම පමණක් වාර්ෂිකව සුරාබදු ලෙස රුපියල් බිලියන 75ක් පමණ සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවනු ලබයි. ආණ්ඩුව රජයේ සේවකයන්ට පඩි නඩි මාසිකව බේරන්නේ සුරා බද්දත් එකතු කරගෙන බව නොරහසකි. කෙසේ නමුදු එතනෝල් අවශ්‍ය ප්‍රමාණ නොලැබුණහොත් බදු ගෙවීමටද අදාළ සමාගම්වලට නොහැකි වෙයි. එතනෝල් හිඟය හේතුවෙන් මත්පැන් නිෂ්පාදනයත් නතර කරනවාද? - Factcrescendo Sri Lanka | The Leading Fact Checking Website in Sri Lanka මේ තත්ත්වය යටතේ එතනෝල් පිටරටින් ආනයනය කිරීමට පියවර ගත යුතු බව සමාගම්වල අදහසයි. පාකිස්තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් එතනෝල් ආනයනය කිරීමේ හැකියාව ඇත. ආනයනය කර ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම හිඟයක් ඇතිවී අරක්කු පෝලිමක්ද නිර්මාණය වීම වළක්වා ගැනීමට ඇති විසඳුමකි. එසේ නොමැති වුවහොත් මත්පැන් නිෂ්පාදනයද අවම විය හැකි බව සමාගම් පෙන්වා දෙයි. කෙසේ වෙතත් සමාගම් ඉල්ලන පරිදි එතනෝල් ලබාදීමට ඇති හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට පැවරී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවටය. මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් හිඟයක් නිර්මාණය වුවහොත් මාර්තු මාසයෙන් පසු මත්පැන් නිපදවීමටද බාධාවන් ඇතිවන බව ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේ මත්පැන් නිපදවීම නතර කිරීමට සමාගම්වල සූදානමක් නොමැති බවයි. එතනෝල් ආනයනය කිරීමේ තීරණයක් ගෙන නොමැති බවද සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ.ඒ. ගුණසිරි ප්‍රකාශ කළේය. උදයජීව ඒකනායක
 

More News..