brand logo

අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් කැඳවයි

08 February 2019

අලුගෝසු තනතුර සඳහා ලබන සඳුදා (11) සිට අයැදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 25 වන දා තෙක් අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මරණ දඬුවම නියම වී සිටින දරුණු ඝණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
 

More News..