brand logo

අලි රොෂාන්ට එරෙහි නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපති ඉල්ලයි

25 June 2019

අලි ජාවාරම්කරුවෙකු වන අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ මෙම ඉල්ලීම අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කළ බවයි. 2009 වසරේ නොවැම්බර් මස 24 වනදා සහ 2015 වසරේ අගෝස්තු මස 31 දක්වා කාලසීමාව තුළ අලි ඇතුන් පස් දෙනෙකු නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා 36ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ.
 

More News..