brand logo

අලි බාබා හදිසියේම ගත් තීරණය

19 August 2022

වියදම් කපා හැරීම වෙනුවෙන් ගත් පියවර

චීනයේ ඊ - වාණිජ්‍ය ව්‍යාපාරයේ දැවැන්තයකු වන අලි බාබා සමූහ ව්‍යාපාරය විසින් මාස 03ක කාලයක් ඇතුළත සේවකයන් 10,000ක් පමණ සේවයෙන් පහ කර ඇතැයි වාර්තා සඳහන් කරයි. මෙම සේවයෙන් පහ කිරීම වාර්තා වන්නේ පසුගිය ජුනි මාසයේදී සමූහයේ ශුද්ධ ආදායම සියයට 50කින් පහත වැටී ඇති බව එහි හිමිකරු අලි බබා නිවේදනය කිරීමෙන් අනතුරුවය. දැන් මෙලෙස සේවකයන් විශාල සංඛ්‍යාවක් සේවයෙන් පහර කර ඇත්තේ වියදම් කපා හැරීමේ පියවරක් ලෙසිනි. නවතම වාර්තාවලට අනුව අදාළ සේවයෙන් පහකිරීමෙන් අනතුරුව මේ වන විට අලි බාබා සමූහයේ සම්මත සේවක සංඛ්‍යාව 245,700ක් පමණ වන බව වාර්තා වේ. 2022 ජුනි මාසයෙන් අවසන් වූ මෙම වසරේ දෙවන කාර්තුවේදී සමූහයේ ශුද්ධ ආදායම යුවාන් බිලියන 22.74ක් (ඩොලර් බිලියන 3.4ක්) දක්වා 50%කින් පහතව වැටී ඇත. අලි බාබා ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ 1999 වසරේදීය. ජැක් මා විසින් 2015 දී ව්‍යාපාරය ඩැනියෙල් ෂැං වෙත ප්‍රධාන විධායක නිලධාරියාගේ තනතුර භාරදීමෙන් අනතුරුව, 2019 දී සමාගමේ විශාල ප්‍රතිසංස්කරණ රැසක් සිදු කෙරිණි. කෙසේ වෙතත් චීන රජය සහ ජැක් මා අතර පැවැති සබඳතා මේ වනවිට දුරස් වී ඇත. ජැක් මා විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදු කළ ප්‍රසිද්ධ දේශනයකදී චීනයේ රාජ්‍ය බැංකු විවේචනය කිරීමෙන් අනතුරුව ඔහුට සැලකිය යුතු කාලයක් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නොහැකි විය. නයන තරංග ගමගේ
 

More News..