brand logo

අලිවත්තේ අසිත අත්අඩංගුවට

05 May 2021

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (04) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. වත්තල ප්‍රදේශයේ ඔහු තාවකාලිකව පදිංචිව සිටි නිවසක තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. සැකකරු පසුගිය 28 වනදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කරන බව පොලීසිය පැවසීය. එමෙන්ම ග්‍රෑන්ඩ්පාස්, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ද මොහු පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.
 

More News..