brand logo

අලියා බීම කම්හල භීතියට පත් කළ ඌරුජුවාගේ කණ්ඩායම් සොයා ‌STF මෙහෙයුම

31 October 2019

රණාල අලියා බීම කම්හලේ සේවකයන්ට තර්ජනය කර නිෂ්පාදන කටයුතු නවත්වා දමමින් වැලිකඩ බන්ධනාගාරයේ සිට කටයුතු කළ පාතාල ප්‍රබලයෙකු වන ඌරුජුවාගේ කණ්ඩායම් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පොලිස් විශේෂ කාර්යා බළකායේ සේනා විධායක ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්ගේ නියෝග අනුව එම මෙහෙයුම් ආරම්භ කර ඇත. මෙම මෙහෙයුමට සමගාමීව නවගමුව පොලිස් වසමේ බදුවත්ත ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායම සිදුකළ මෙහෙයුමකදී ඌරුජුවා සමග කම්පම් ගැනීම් සහ මිනී ඝාතන වලට සම්බන්ධ "කූඩැල්ලා" නමැති ගෝලයෙකු සමග අපරාධකරුවන් දෙදෙ‌නෙකු කේරළ ගංජා ග්‍රෑම් 10ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. රණාල අලියාබීම කම්හලේ සේවකයින්ගේ ආරක්ෂාවට නවගමුව පොලීසිය සහ මුල්ලේරියාව පොලීසිය විශේෂ මුර සංචාරක වැඩපිළිවෙලක් ද යොදවා ඇත. සදරුවන් පලිහේන
 

More News..