brand logo

අලියා නැති වුනොත් වෙන දේ නවීන් කියයි

13 February 2020

අලියා ලකුණ හැර වෙනත් ලකුණක් යටතේ තමන් කිසිවිටක ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායාක මහතා පවසයි. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ අලියා ලකුණ අතහැර මහ මැතිවරණයට තරග කළ හොත් ජයග්‍රහණය කළ නොහැකි බවයි. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාට වයස අවුරුදු 72 ක් වුවද ඔහුට අවසන් පරිච්ඡේදය නිම කිරිමට අවස්ථාව ලබා දිය යුතු බව ද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කිසිදු නායකයෙකු එළවා දැමීම පක්ෂයේ සම්ප්‍රදාය නොවන බවයි නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ https://youtu.be/A8w6BoHVtms
 

More News..