brand logo

අලියාන්ස් ලංකා COVID-19 ට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට දිරි දෙයි

25 April 2020

අලියාන්ස් ශ්‍රී ලංකා හි කළමනාකාරීත්වය සහ සේවක ප්‍රජාව පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමග අත්වැල් බැඳගනිමින් COVID-19 පරීක්ෂණ සඳහා වන රුපියල් මිලියන 4ක් වටිනා High Performance Real Time Quantitative PCR (RT-qPCR) යන්ත්‍රයක් ප්‍ර‍දානය කිරීමට කටයුතු කරන ලදී. මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “ මේ ආකාරයේ අභියෝගාත්මක අවස්ථාවන්හිදී කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒ වෙනුවෙන් කැපවන ආයතනයන් වෙත පෞද්ගලික අංශයේ පූර්ණ සහයෝගය ලදීම අතිශය වැදගත්ය. මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයනට වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශයේ සියලු වෘත්තිකයන්ගේ නිරන්තර කැපවීම අප ඉතා ඉහළින් අගය කර සිටිමු. ඔවුන්ගේ උත්සාහයට තව දුරටත් සහාය දැක්වීම වෙනුවෙන් පරීක්ෂණ තුළින් COVID-19 නිවැරදිව හඳුනා ගැනීමටත්, එම වසංගතය පරාජය කිරීමටත් නවීන උපකරණ හා විසඳුම් අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කර සිටිමු. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා යහ පැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින ගෝලීය රක්ෂණ සැපයුම් කරුවෙකු ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ COVID-19 පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ කාර්ය සාධනයකින් යුත් Real Time Quantitative PCR (RT-qPCR) යන්ත්‍රයක් ප්‍ර‍දානය කිරීමට හැකිවීම අප මහත් ගෞරවයක් කොට සළකන්නෙමු.” යනුවෙනි.
 

More News..