brand logo

අල්ලස් ලබාගත් ග්‍රාමසේවක මාට්ටු

19 January 2021

    ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අල්ලස් ලබාගැනීමට ගිය ග්‍රාමසේවා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලස අත් අඩංගුවට පත්ව ඇත්තේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් අංක 64 - සිංහපුර ග්‍රාම නිලධාරිවසමේ නිලධාරිවරයායි මාරවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19 ) රුපියල් 25,000ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ග්‍රාම නිලධාරීවරයා ලුණුගම්වෙහෙර රාජ්‍ය බැංකුවක් ඉදිරිපිට දී අල්ලස ලබාගෙන තිබේ. ස්ථිරව පදිංචිව සිටින ලිපිනයක් සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ඡන්දහිමි නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති බැවින් එය නිවැරදි කර ගැනීම සඳහා එම ග්‍රාම නිලධාරීවරයා විසින් රුපියල් 25,000ක අල්ලස් මුදල ඉල්ලා තිබේ.
 

More News..