brand logo

අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුට සිරදඬුවම්

19 September 2019

රුපියල් 25,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු මට්ටක්කුලිය පොලිසිය සේවයකළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට වසර දෙකක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම සිර දඬුවම වසරකින් ගෙවියා යුතු බව අද (19) නියෝග කළේය. දීර්ඝ නඩු විභාගයකින් පසුව අද දින වරදකරු කෙරුණු මට්ටක්කුලිය පොලිසියේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු වන ශාන්ත ප්‍රිය විජේසූරිය නැමැත්තා වරදකරු කිරීමෙන් අනතුරුව එම දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 50000/-ක දඩයක් ද නියම කළේය. දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් සිර දඬුවමට අමතරව තවත් මාස 9ක සිර දඬුවම පනවන බව තීන්දුවේ සඳහන් කර තිබේ. 2011 වසරේ ජූනි මස 12 වනදා මට්ටක්කුලිය, කදිරාන වත්ත ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධකයකදී ඖෂධ පනත යටතට ගැනෙන භාණ්ඩ තොගයක් එහි ලියාපදිංචි මුල් පිටපත නොමැතිව චායා පිටපතක් යටතේ ප්‍රවාහනය කිරීම සඳහා ඉඩ ලබාදීමට පුද්ගලයෙකුගෙන් රුපියල් 25000/- ක අල්ලසක් ඉල්ලා එම මුදල ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා අටෙන් චෝදනා 2කට පමණක් ඔහු වරදකරු කළ අතර සෙසු චෝදනා හයෙන් ඔහු නිදහස් කිරීමට නියෝග කළේය. ඒ අනුව වරදකරු කරනු ලැබූ චෝදනා දෙක සදහා එක් එක් වසර බැගින් වසර දෙකක් සිරදඬුවම් නියම කෙරුණු අතර එම සිර දඬුවම වසරකින් ගෙවී යා යුතු බවට ද නියෝග කෙරිණි. අධිකරණ වාර්තාකරු
 

More News..